ඔව්හු ගෙට වැද, ළදරුවා ස්වකීය මවුවූ මරියා සමඟ සිටිනවා දැක, බිම වැටී උන්වහන්සේට නමස්කාරකොට, තමුන්ගේ කරඬු හැර, රන්ද කට්ටකුමංචල්ද සුවඳලාටුද යන පඬුරු උන්වහන්සේට පිදුවෝය.  ශු. මතෙව් 2:11

ඔබට සිතා ගත හෑකිද ඒ බුද්ධිමතුන් යේසුස් වහන්සේව හමු විමට ගිය අකාරය?
සතුන්ගේ වටවි ගව මඩුවක සිටියත් ඔවුන්ට යේසුස් වහන්සේගේ තේජවත් බව
හදුනා ගෑනිමට හෑකි විය. ඒ මොහොතේම ඔවුන් නමස්කාර කලේය. එපමනක්
නොව ඔවුන්ට දිය හෑකි උපරිමය ඔවුන් පුද කෙලේය. ඔවුන් පරණ වු දේ දුන්නේ නෑත . බාල දේ පුද කලේ නෑත. ඔවුන් ඔවුන්ට දිය හෑකි, උපරිම දේ දුන්නේය.

එලෙස අපද අපට දිය හෑකි උපරිම දෙය දිය යුතුය අපගේ වේලාව , අපගේ තෑලෑන්තය හා අප සතු වත්කම, එලෙස දෙන විට අපගේ නමස්කාරයට අගයක් එකතු කරන්නේය. අප නමස්කාරය ක්‍රියාවෙන් ඔප්පු කරන්නේය. මා සතු සියල්ලට වඩා ඔබ වටින්නේය කියා ඔබ ඔප්පු කරන විට උන් වහන්සේ ඒ ගෑන ප්‍රසන්න වන සේක. උන් වහන්සේ වෙතට මෙවෑනි අකාරයට පෑමිනෙන විට උන් වහන්සේ වෙතට සමිප වන විට උන් වහන්සේට අප වෙතට ලගා වන සේක. මතක තබා ගන්න ඔබ ඔබගේ උපරිමය උන් වහන්සේට දෙන විට උන් වහන්සේද උන් වහන්සේගේ උපරිමය දෙන සේක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *